අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අන්තර්ඡාලය තුල වැඩ කිරීමෙන් යම් මුදල ප්‍රමානයක් එකතු වූ පසු එය තම ගිණුමට ගෙන්වා ගැනීමටයි . ඒ ඒ ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් වෙනස් කම් තියෙනවා
ගුගුල් ඇඞ්සන්ස්, ගුගුල් ඇඩ්වර්ඩ ,ඇඞ්බ‍්‍රයිට් වැනි සමාගම් ඵ චෙක් පත් මගින් ගෙවීම් කරනවා .තවත් සමාගම් ණයපත් (credit card) හුවමාරු ක්‍රම භාවිතා කරනවා , ඒ හැර තවත් ක්‍රම තියෙනවා.
අන්තර්ජාලය තුල සිදුකරන වෙළඳ කටයුතු සඳහා සිදුවන මුදල් ගණුදෙනු කටයුතු සඳහා අප විසින් භාවිත කරන සාමාන්‍ය බැංකු භාවිතා කිරීම මදක් කරදර කාරී මෙන්ම කල්පනාකාරීව කලයුතු කටයුත්තක් .ඒ නිසා ඒ සඳහා අතරමැදි මූල්‍ය සේවාවක් භාවිතා කල යුතු වනවා.මේවා සාමාන්‍ය දේශීය බැංකු මගින් ලබාදෙන e- banking සේවාවකට බොහෝ සමානකම් ඇතත් මේවා අන්තර්ජාතික මූල්‍ය හුවමාරු සේවාවන් .
Alert pay, money bookers, PayPal කියන්නේ මේ වගෙ අන්තර්ජාතික මූල්‍ය හුවමාරු සේවාවන් සපයන ආයතන අතරින් ප්‍රමුඛ ආයතන කිහිපයක් මේවා දේශිය බැංකු අතර අන්තර් හුවමාරු සේවා ඇතිකරනවා
ක්‍රෙඩිට්කාඩි එකෙන් මුදල් කෙලින්ම ගෙවීම වෙනුවට මෙම අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට ඒ හරහා ගෙවීමට මෙමගින් හැකියාව ලැබෙනවා . අන්තර්ජාලයේදී යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට් කාඩිපතකින් නොගෙවා එය Alert pay, money bookers වැනි ගිණුමකට සම්බන්ද කොට ඒ හරහා ගෙවීම වඩා ආරක්ෂාකාරී වනවා. මෙම සේවාවන් වෙනුනෙන් ඔවුන් යම් සේවා ගාස්තුවක් අයකරනවා.
PayPal සමාගම දැනට ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ සේවාව සපයන්නේ නෑ නමුත් ඒ හරහා ගෙවීම් කරන්න පුලුවන්.
ඉන්ටර්නෙට් බැංකූ ගිණුම් හදාගෙන ඒවාට සල්ලි ගෙන්වා හැටි මෙතැනින් බලන්න