Monday, January 30, 2012

දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන කාරයක් හදමු RC CARS

අප බොහෝ දෙනා ප්‍රිය කරන ක්‍රීඩා  භාණ්ඩයක් තමයි අප බොහෝ දෙනා ප්‍රිය කරන ක්‍රීඩා  භාණ්ඩයක් තමයි දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කාර්. නොයෙක් වි‍ශේෂාංග සහිතව නොයෙක් මිල ගනන් වලට වෙළඳ පොළ තුල දක්නට ලැබෙනවා . නමුත් මෙවන් නිර්මානයක් තමන්ම කරන්න හිතුනද? තවම නැද්ද ? එහෙනම් මෙතන ඉඳන් හිතන්න පටන් ගන්න .මුලින්ම මේ වැ‍ඩේට සැකිල්ලක් අවශ්‍ය වෙනවා. බොහොම සැහැල්ලු අමු ද්‍රව්‍ය තමයි භාවිතා කරන්න වෙන්නේ (මගේ සැකිල්ල 17.5 g තරම් බරයි) ,පුලුවන්  තරම්  සැහැල්ලු දේ ගන්න . (මම පාවිච්චි කරේ පරණ කුඩයක කොටස්). පසුව පහත රූපයේ පෙනෙන ආකාරයට සැකිලල නිම කරගන්න .පසුව සැකිල්ලේ සමබරතාව පරීක්ෂා කරන්න අනිවාර්යෙන්ම (නැතිනම් ක්‍රියාත්මක වීමේදී ගැටලු ඇති වෙනවා) මේ සඳහා සමතල පෘෂ්ඨයක් මත තබා පරීක්ෂා කරන්න. පසුව කුඩා නූල් කැබැල්ලකින් සැකිල්ලේ ගුරුත්ව කේන්ඳ්‍රය ඇති ස්ථානය සොයාගන්න

සැකිල්ල සාදාගත් පසු සැකිල්ල මත රෝද සවි කල යුතු ස්ථන  ලකුණු කර ගන්න . මේ සඳහා ඉවතලන සෙල්ලම් කාරයක රෝද භාවිතා කරන්න . නිර්මාණයේ හැටියට ගැපෙන රෝද භාවිතා කරන්න. රෝද වලට බලය ලබාදෙන්න ක්‍රම දෙකක් භාවිතා කරන්න පුලුවන් . පළවෙනි ක්‍රමය wheels (දැති රෝද ) දෙවෙනි ක්‍රමය belts ( බෙල්ට් ) , මම භාවිතා කරේ wheels (දැති රෝද ) . මේ සඳහා පරණ alarm ඔරලෝසුවක් ගලවලා ඒකෙ තියෙන wheels (දැති රෝද ) ගන්න පුලුවන්. ඊට පස්සේ ඉතිරි කොටස

Sunday, January 15, 2012

මොනවද මේ swift code?


මුදල් ගන්න ණයපත් (credit card ) ඹනමද?


අන්තර්ඡාලයේ වැඩ කිරීමෙන් මුදල් සොයමු

අන්තර්ඡාලයේ වැඩ කිරීමෙන් මුදල් සොයමු
අන්තර්ඡාලය තුල තමා සතු දක්ෂතාවයට අදාල වැඩක් / වැඩ කොටස් කිරීම තුලින් මුදල් ඉපයිය හැකි බව ඔබ දන්නවා ද? බොහෝ දෙනා  හඳුනන්නේ අන්තර්ඡාලය තුල දත්ත ඇතුලත් කිරීම (Data Entry) රැකියා පමණයි. නමුත් ක්ෂේත්‍ර ගනනාවකට අයත් රැකි‍යා  ඔබට අන්තර්ඡාලය තුල කල හැකියි. උදාහරණයක් ලෙස ඔබ වෘත්තියෙන් ලේඛන කලාව පිළිබඳ රැකියාවක් කරයි නම් ඔබට  දත්ත ඇතුලත් කිරීම (Data Entry) රැකියාව උචිතයි නමුත් ඔබ ග්‍රැෆික් ශිල්පියෙක් නම් ඔබට දත්ත ඇතුලත් කිරීම (Data Entry) රැකියාව නීරස වනු ඇත. ග්‍රැෆික් ශිල්පියෙක් හට ග්‍රැෆික් ආශ්‍රිත වැඩක් ඉතා ඉහල මට්ටමේ ගුණාත්මක භාවයකින් කල හැකි අතර අදාල වැඩට සරිලන මුදලක් ද ලබාගත හැකියි.
                   කොහොමද ඒක කරන්නේ ? ඒක හරියට කිව්වොත් වෙළඳ පොළක් වගේ. තමා සතු  දක්ෂතාවය සේවා යෝජකයා ( වැඩ ලබා දෙන තැනැත්තා) ලබා දී ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීමයි.
                     වැඩ ලබා දෙන්නේ/ ලබා ගන්නේ කොහොමද? ඒක හරියට කපුකමක් වගේ . වැඩ ලබා දෙන තැනැත්තා freelancer , elance , odesk වැනි නියෝජිත වෙබ් අඩවියකට තමන්ගේ වැඩය / වැඩ කොටස භාරදෙනවා, එවිට freelancer , elance , odesk වැනි නියෝජිත අඩවිය තමා සතුව වැඩක් / වැඩ කොටස් ඇති බව දන්වනවා.
ඔබ freelancer , elance , odesk වෙබ් අඩවියක ලියාපදිංචි වූ පසු ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online test එකක් තියෙනවා. එහිදි ඔබ සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ වැඩ කිරිමට සුදුසු අයෙක් ලෙස ඔවුන් ශ්‍රේණි ගත කිරීමත් සිදුවෙනවා.
අප සතු දක්ෂතාවයට සරිලන වැඩක් / වැඩ කොටස් හමුවූ විට අප ඒ වෙනුවෙන් මිල කිරීමක් සිදු කරනවා. අපේ මිලට වැඩ ලබා දෙන තැනැත්තා කැමති නම් වැඩක් / වැඩ කොටස් අපට ලැබෙනවා. වැඩේ නිමකල පසු අපට මුදල් ලැබෙනවා 

The On Demand Global Workforce - oDesk

Freelance Jobs




Saturday, January 14, 2012

මුදල් හුවමාරු කරන ක්‍රම


අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ අන්තර්ඡාලය තුල වැඩ කිරීමෙන් යම් මුදල ප්‍රමානයක් එකතු වූ පසු එය තම ගිණුමට ගෙන්වා  ගැනීමටයි . ඒ ඒ ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් වෙනස් කම් තියෙනවා
ගුගුල් ඇඞ්සන්ස්, ගුගුල් ඇඩ්වර්ඩ ,ඇඞ්බ‍්‍රයිට් වැනි සමාගම් ඵ චෙක් පත් මගින් ගෙවීම් කරනවා .තවත් සමාගම් ණයපත් (credit card) හුවමාරු ක්‍රම භාවිතා කරනවා , ඒ හැර තවත් ක්‍රම තියෙනවා.
අන්තර්ජාලය තුල සිදුකරන වෙළඳ කටයුතු සඳහා සිදුවන මුදල් ගණුදෙනු කටයුතු සඳහා අප විසින් භාවිත කරන සාමාන්‍ය බැංකු භාවිතා කිරීම මදක් කරදර කාරී මෙන්ම කල්පනාකාරීව කලයුතු කටයුත්තක් .ඒ නිසා ඒ සඳහා අතරමැදි මූල්‍ය සේවාවක් භාවිතා කල යුතු වනවා.මේවා සාමාන්‍ය දේශීය බැංකු මගින් ලබාදෙන e- banking සේවාවකට බොහෝ සමානකම් ඇතත් මේවා අන්තර්ජාතික මූල්‍ය හුවමාරු සේවාවන් .
Alert pay, money bookers, PayPal කියන්නේ මේ වගෙ අන්තර්ජාතික මූල්‍ය හුවමාරු සේවාවන්   සපයන ආයතන අතරින් ප්‍රමුඛ ආයතන කිහිපයක් මේවා දේශිය බැංකු අතර අන්තර් හුවමාරු සේවා ඇතිකරනවා
ක්‍රෙඩිට්කාඩි එකෙන් මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට  ඒ හරහා   ගෙවීමට මෙමගින් හැකියාව ලැබෙනවා  . අන්තර්ජාලයේදී  යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට් කාඩිපතකින් නොගෙවා එය Alert pay, money bookers  වැනි ගිණුමකට සම්බන්ද  කොට ඒ හරහා ගෙවීම වඩා ආරක්ෂාකාරී වනවා. මෙම සේවාවන් වෙනුනෙන් ඔවුන් යම් සේවා ගාස්තුවක් අයකරනවා.
PayPal සමාගම දැනට ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ සේවාව සපයන්නේ නෑ නමුත් ඒ හරහා ගෙවීම් කරන්න පුලුවන්.
ඉන්ටර්නෙට් බැංකූ ගිණුම් හදාගෙන  ඒවාට සල්ලි ගෙන්වා හැටි මෙතැනින් බලන්න

Saturday, January 7, 2012

දැන්වීම් නැරඹීමෙන් තුලින් මුදල් සොයමු

දැන්වීම් නැරඹීමෙන් තුලින් මුදල් සොයමු
දැන්වීම්කරණය ලෝකයේ  මුදල් උපයන හොඳම මාර්ගයක්, නමුත් ඔබ අහල තියෙවනේ අන්තර්ජාලයෙ දැන්වීම් තුලින් දැන්වීම් නැරඹන කෙනාටත් මුදල් ගෙවනවා කියලා මෙම ගනයේ වෙබ් අඩවි වලට  කියන්නේ  Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මේවා ප්‍රචාරණ වෙබ් අඩවි වශයෙන් හඳුන්වන්න පුලුවන්.මෙවැනි වෙබ් අඩවියක ලියාපදිංචි වූ පසු ඔවුන් ඔබට දැන්වීම් නැරඹීමට අවස්ථාව  ලබාදෙනවා.
යම්කිසි ඔවුන් විසින් නියම කරන ලද කාලයක් තුල (තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ) දැන්වීම බැලිය යුතු වෙනව. දැන්වීම බැලුව කියල සනාථ උනාම ඒ වෙනුවෙන් අපේ නමින් ඔවුන්ගේ වෙබ් අඩවිය තුල හදපු ගිණුමට යම් මුදලක් එකතු වෙනවා($0.001 සිට $0.01) සුලු මුදලක් කියල අතඅරින්න එපා. එක වෙබ් අඩවියක සුලු මුදලක් උනත් වෙබ් අඩවි කීපයකම මුදල් එකතු වෙනකොට හොඳ මුදලක්.
එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක්‍ පුද්ගලයකුට එක්  PTC අඩවියක එක් ගිණුමක් පමණයි.නමුත් වෙනත් PTC අඩවියක ගිණුමක් එම පරිගණකයේම  පිහිටුවා ගත හැකියි.
මේ ආකාරයේ  හැම වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නේ  නෑ.ඒවා scam sites (ව්‍යාඡ අඩවි) ලෙස හඳුන්වන්න පුලුවන් . ඒක නිසා හැම අඩවියකම ලියාපදිංචි වෙන්න එපා.
එයින් හොඳ  PTC අඩවි කිහිපයක්  පහත දැක්වෙනවා

neobux
incentria