අන්තර්ඡාලයේ වැඩ කිරීමෙන් මුදල් සොයමු
අන්තර්ඡාලය තුල තමා සතු දක්ෂතාවයට අදාල වැඩක් / වැඩ කොටස් කිරීම තුලින් මුදල් ඉපයිය හැකි බව ඔබ දන්නවා ද? බොහෝ දෙනා හඳුනන්නේ අන්තර්ඡාලය තුල දත්ත ඇතුලත් කිරීම (Data Entry) රැකියා පමණයි. නමුත් ක්ෂේත්‍ර ගනනාවකට අයත් රැකියා ඔබට අන්තර්ඡාලය තුල කල හැකියි. උදාහරණයක් ලෙස ඔබ වෘත්තියෙන් ලේඛන කලාව පිළිබඳ රැකියාවක් කරයි නම් ඔබට දත්ත ඇතුලත් කිරීම (Data Entry) රැකියාව උචිතයි නමුත් ඔබ ග්‍රැෆික් ශිල්පියෙක් නම් ඔබට දත්ත ඇතුලත් කිරීම (Data Entry) රැකියාව නීරස වනු ඇත. ග්‍රැෆික් ශිල්පියෙක් හට ග්‍රැෆික් ආශ්‍රිත වැඩක් ඉතා ඉහල මට්ටමේ ගුණාත්මක භාවයකින් කල හැකි අතර අදාල වැඩට සරිලන මුදලක් ද ලබාගත හැකියි.
කොහොමද ඒක කරන්නේ ? ඒක හරියට කිව්වොත් වෙළඳ පොළක් වගේ. තමා සතු දක්ෂතාවය සේවා යෝජකයා ( වැඩ ලබා දෙන තැනැත්තා) ලබා දී ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීමයි.
වැඩ ලබා දෙන්නේ/ ලබා ගන්නේ කොහොමද? ඒක හරියට කපුකමක් වගේ . වැඩ ලබා දෙන තැනැත්තා freelancer , elance , odesk වැනි නියෝජිත වෙබ් අඩවියකට තමන්ගේ වැඩය / වැඩ කොටස භාරදෙනවා, එවිට freelancer , elance , odesk වැනි නියෝජිත අඩවිය තමා සතුව වැඩක් / වැඩ කොටස් ඇති බව දන්වනවා.
ඔබ freelancer , elance , odesk වෙබ් අඩවියක ලියාපදිංචි වූ පසු ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online test එකක් තියෙනවා. එහිදි ඔබ සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ වැඩ කිරිමට සුදුසු අයෙක් ලෙස ඔවුන් ශ්‍රේණි ගත කිරීමත් සිදුවෙනවා.
අප සතු දක්ෂතාවයට සරිලන වැඩක් / වැඩ කොටස් හමුවූ විට අප ඒ වෙනුවෙන් මිල කිරීමක් සිදු කරනවා. අපේ මිලට වැඩ ලබා දෙන තැනැත්තා කැමති නම් වැඩක් / වැඩ කොටස් අපට ලැබෙනවා. වැඩේ නිමකල පසු අපට මුදල් ලැබෙනවා 

No comments:
Post a Comment